තද සුළං පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ගොඩබිම් ප්‍රදේශවල තද සුළං ඇති වන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඒ අනුව මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, වයඹ සහ උතුරුමැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 50 ත් 60 ත් අතර තද සුළං ඇති විය හැකියි.

මේ අතර නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර මහතා පැවසුවා.

ඪදසජැ ක්‍මඑ – ජනක කුමාර

එමෙන්ම රත්නපුර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

WhatsApp Group

Skip to content