උතුරු සහ නැගෙනහිර පළාත්වල හැර සෙසු පළාත්වල පස්වරු 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

සබරගමුව පළාතේ සහ ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

https://www.vnews.lk/storage/2023/10/JANAKA-KUMARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content