ගොඩබිම ටොනේඩෝ තත්ත්වයක් හෝ ජලය ආශ්‍රිතව දියගොබ ඇති වූ අවස්ථාවක ඒ අසලට නොයා ආරක්ෂිතව කටයුතු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ ටොනේඩෝ තත්ත්වයන් තුළ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී එය අවදානම් සහගත තත්ත්වයක් දක්වා වර්ධනය වන බවයි.

එවැනි තත්ත්වයක් ඇති වූ විට ඡායාරූප ගැනීම හෝ වීඩියෝගත කිරීම වැනි අවදානම් සහගත ක්‍රියාවලින් වැළකිය යුතු බවට ඔහු දැනුම් දෙනවා.

ඪදසජැ ක්‍මඑ – අතුල කරුණානායක

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content