කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා .

දිවයින හරහා නිරිතදිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් නිරත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අද දිනයේ බලාපොරොත්තු වන බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණු පළාත්වල සහ මහනුවර, නුරඑළිය දිස්ත්‍රික්කවල තද වැසි ඇති විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා .

එම ප්‍රදේශවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් .

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් සිටිනවා .

https://www.vnews.lk/storage/2023/09/ATHULA-KARUNANAYAKE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content