දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 16ක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එම මධ්‍යස්ථානය වැඩිදුරටත් වාර්තා කරන්නේ මේ වනවිට පවුල් 21,353ක පුද්ගලයින් 84,749ක් පීඩාවට පත්ව ඇති බවයි.

මේ අතර මෙම තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන් විනාශයට පත්වූ නිවාස යලි ගොඩ නැගීම සඳහා තමා උපදෙස් ලබා දුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා යුධ හමුදාවේ සහය ලබා ගන්නා ලෙසද අදාළ පාර්ශ වෙත දැනුම් දුන් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

දිවයිනට බලපා තිබෙන අධික වර්ෂාපතනය අද සිට අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.
කෙසේ වෙතත් ඇතැම් ප්‍රදේශ වලට වර්ෂාව අපේක්ෂා කළ හැකි බවයි ඔහු සඳහන් කළේ.

මේ අතර දිස්ත්‍රික් කිහිපයකට නිකුත් කළ නායයාමේ රතු නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content