නිරන්තරයෙන් ඇතිවන ගංවතුර පාලනය සඳහා නිශ්චිත හා තිරසර වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.

ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ, ආපදා කළමනාකරණ සහ මුදල් අමාත්‍යාංශවල නිලධාරීන් සමඟ ජනාධිපති කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

මේ අතර පවතින ආපදාවලින් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සදහා තවත් රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන් බව ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා හට සදහන් කළා.

ඒ ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

WhatsApp Group

Skip to content