බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

එමෙන්ම වයඹ පළාතේ මහනුවර, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සදහන්.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් පළමු අදියරේ නායයෑම් අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

එහි ජේ්‍යෂ්ඨ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සදහන් කළේ ගාල්ල, ක`ඵතර මාතර සහ රත්නපුර දිස්ත්‍රික්ක සදහා එම නිවේදන නිකුත් කර ඇති බවයි.

WhatsApp Group

Skip to content