පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 14ක ජනතාව තවදුරටත් පීඩාවට පත්ව තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පවුල් 1,752ක පුද්ගලයින් 4,334 දෙනෙකු බලපෑමට ලක්වී ඇති බවයි.

මේ අතර කළුතර, රත්නපුර, ගාල්ල මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක 5 ට නිකුත් කර ඇති නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් බලාත්මකවනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ අද දිනය තුළද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්, පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද දිනයේදී මිලිමීටර 75 ට වැඩි වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content