බස්නාහිර , සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට අද දිනයේ මිලිමීටර් 100 ට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත්, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලටත් පැයට කිලෝමීටර 45 ක් දක්වා තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා වැඩි විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා .
එමෙන්ම නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික් හතරකට නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පැවසුවේ කළුතර , කෑගල්ල , රත්නපුර සහ ගාල්ල දිස්ත්‍රික්වලට නායයෑමේ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි.

WhatsApp Group

Skip to content