අද දිනයේදී ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලද වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බවද සදහන්.

උතුරු, උතුරුමැද සහ වයඹ පලාත්වලත්, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර 40 ත් 45 ත් අතර තරමක තද සුළං ද ඇතිවිය හැකි බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

 

WhatsApp Group

Skip to content