නැගෙනහිර සහ ඌව පළාත්වලටත් මුලතිවු සහ වවුනියාව දිස්ත්‍රික්කවලටත් තැනින් තැන සවස කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත්  ගාල්ල , මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි සවල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා.

දිවයිනේ  සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව නිවේ.

ගිගුරුම් සහිත වැසි සමග  තද සුළං ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

 

 

WhatsApp Group

Skip to content