දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම, දිවයින පුරා සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් සාමාන්‍ය කාලගුණයක් පවතිනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, මොනරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ක පමණ තරමක් තද සුළං බලාපොරොත්තු විය හැක බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළා.

නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමගම වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශිරෝමනි ජයවර්ධන මහත්මිය පැවසුවේ.

https://www.vnews.lk/storage/2023/07/SHIROMANI-JAYAWARDANE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content