තද සුළං සහ මුහුද රඵ වීම පිළිබද අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය, මන්නාරම, පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ අවදානම් බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 ත් 70 ත් දක්වා වැඩිවිය හැකියි.

මේ අතර දිවයිනේ නිරතදිග ප්‍රදේශයට බලපා ඇති අධික වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නායයෑම් අනතුරු ඇඟවීම් ද තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content