දුම්රිය රියදුරන්ගේ වර්ජනය හේතුවෙන් කාර්යාල දුම්රිය ඇතු`ඵ දුම්රිය ගමන්වාර 36 ක් අවලංගු කර තිබෙනවා.

කොළඹ කොටුවෙන් සහ මරදාන දුම්රිය ස්ථානවලින් ආරම්භ කිරීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 18 ක් සහ පිට පළාත්වලින් කොළඹට පැමිණීමට නියමිතව තිබූ දුම්රිය ගමන් වාර 18 ක් මෙලෙස අවලංගු කර ඇති බවටයි දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ.

වසර 5 කට ආසන්න කාලයක් ප්‍රමාද කර ඇති ශ්‍රේණි උසස්වීම් කඩිනම් කිරීම ඇතු`ඵ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කළ බව දුම්රිය එංජින් ඉංජිනේරුවන්ගේ සංගමයේ ලේකම් එස්.ආර්.පී.එම්.සේනානායක මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/09/SENANAYAKA-EDIT.mp3?_=1

දුම්රිය එංජින් ඉංජිනේරුවන් විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ ආරම්භ කරන ලද වැඩවර්ජන ක්‍රියාමාර්ග හේතුවෙන් අද දින බොහෝ දුම්රියන් ප්‍රමාද වීම සහ අවලංගු වීමට ඉඩ ඇති බවයි අද දින විකාශය වූ වී එෆ් එම් සිද්ධමුල්ල කාලින වැඩසටහනට එක්වෙමින් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/09/IDIPOLAGE-EDIT-01.mp3?_=2

මේ, ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ දුම්රිය සාමාන්‍යාධිකාරි එන්.ජේ.ඉදිපොලගේ මහතා.

https://www.vnews.lk/storage/2023/09/IDIPOLAGE-EDIT-02.mp3?_=3

මෙම වර්ජනය හේතුවෙන් අද දින දුම්රිය කිහිපයක් පමණක් ධාවනය වූ අතර එහිදි දුම්රිය වහලය මත ගමන් කළ තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානය ආසන්නයේදී බිම ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වර්ජනය හේතුවෙන් මෙම තරුණයා මහනුවර සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රිය වහලය මත නැගී පැමිණ ඇති බවටයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ.

මේ එම සිදුවීම ඇසින් දුටු පිරිසක් දැක්වූ අදහස්.

https://www.vnews.lk/storage/2023/09/JANATHA-EDIT-02.mp3?_=4

අද දින මෙම දුම්රිය වැඩවර්ජනය හේතුවෙන් පාසල් දරුවන් සහ රැකියා සදහා ගමන් කරන බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා.

මේ ඒ පිළිබදව ජනතාව දැක්වූ අදහස්.

https://www.vnews.lk/storage/2023/09/JANATHA-EDIT-01.mp3?_=5

WhatsApp Group

Skip to content