පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, පෙරවරු 11ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් .
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් එය පැවැත්වීමට නියමිතයි.
දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාවක් සඳහා අනුමැතිය ලබාගැනීමේ සූදානමක් ඇති බැවින්, ඒ සඳහා හදිසියේ පාර්ලිමේන්තුව රැස් කිරීමට එහිදී තීරණයක් ගනු ඇති බවයි වාර්තා වන්නේ.
ජුලි 4 වැනිදා පාර්ලිමේන්තුව යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
නමුත් ඊට පෙර අදාළ යෝජනා සම්මත කර ගැනීම සඳහා ලබන සති අන්තයේ පාර්ලිමේන්තුව කැඳවිමේ සූදානමක් ඇතැයි ද සඳහන්.

 

WhatsApp Group

Skip to content