හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් ඉන්දුනීසියානු නියෝජිතයන් පිරිසක් එක්ව දඹුල්ල ප්‍රදේශයේ  පවත්වාගෙන යන  කාබනික දියර පොහොර ව්‍යාපෘතියක් පිළිබඳව 08 දින විශේෂ පරීක්ෂණයක්  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කොට තිබේ.

  යුද හමුදාවේ බුද්ධි අංශ දීර්ඝ කාලයක් සිදු කරන ලද රහසිගත ගවේෂණයකදී හෙළිවී ඇත්තේ දීස්ත්‍රික්ක හතරක   කාබනික දියර පොහොර නිෂ්පාදනය කරන ලද ගොවීන් සම්බන්ධ කරගෙන  ඉන්දුනීසියාවේ නිෂ්පාදිත දියර වර්ගයක් ලංකාවට ගෙන්වා කාබනික දියර පොහොරවලට  කලවම් කොටස කාබනික   දියර පොහොර  සකස් කිරීම මෙහි සිදුකරන බවය.

 යුද හමුදාවේ බුද්ධි නිලධාරීන් පිරිසක් ලබා දුන් තොරතුරු අනුව දඹුල්ල දිගම්පතහා  ප්‍රදේශයේ දේශීය ලොකුණු බිජ ගම්මානයේ නිවසක ඉඳුනීසියානු   ජාතිකයන් පැමිණ  අත්හදා බැලීම සිදුකරගෙන යන බවය ,  කාමරයක තබා තිබූ එවැනි කාබනික දියර   පොහොර තොගයක් අනාවරණය කර ගැනීම සිදු කරන ලදී

  බුද්ධි නිලධාරින් දැනුවත් කිරීම මත මෙම අවස්ථාවට මාතලේ පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් දඹුල්ල කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව සිටියහ.

 යුද හමුදා බුද්ධි නිලධාරීන් සඳහන් කළේ කාබනික දියර පොහොර නිපදවීම ගැටලුවක් නොවන බවත් එහෙත් කිසිදු නියාමනයක් හෝ   රටේ නීතිය අනුව ඉඳුනීසියානු රටෙන් මෙරටට ගෙන්වා ඇති එම දියරය කුමක්ද ඒවා ගෙන්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිසි අවසරය ලබාගත්තේද යන්න බරපතල ගැටලුවක් සැකයක් පවතින බවය.

 බුද්ධි නිලධාරීන්ගේ තොරතුරු අනුව මෙම ස්ථානයට පැමිණි මාතලේ පාරිභෝගික අධිකාරියේ  ප්‍රධානි එච් .අයි .එම් .කුමාර මහතා දඹුල්ලේ කෘෂිකර්ම උපදේශක සුනිල් බණ්ඩාර මහතා සිදු කරන ලද පරීක්ෂණයකදී මෙම ගොවිපළේ තිබී ඉන්දුනීසියාවෙන් ගෙන්වන ලද   කල් ඉකුත් වූ දියර බෝතලයක්ද සොයා ගැනීම විශේෂත්වයෙකි , මෙම ස්ථානයේ කාමරයක විශාල දියර පොහොර තොග බැරල්වල ඇසුරුම් කොට එම කාමරය කිසිදු අයෙකුට ඇතුළු වීමට නොහැකි වන අයුරින් දොරගුළුලා ඇති බව පාරිභෝගික අධිකාරියේ නිලධාරීහු පැවසූහ.

WhatsApp Group

Skip to content