කාන්තා ප්‍රිමියලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ශූරතාවය දිනා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ තරගාවලියේ අවසන් මහා තරගයෙන් දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම කඩුළු 7න් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 131ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවර 19යි පන්දු 3ක් අවසානයේ කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 134ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

WhatsApp Group

Skip to content