අදට යෙදී තිබෙන ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 1931 වසරේ සිට මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරියන්ගේ ඡායාරූප සහිත විශේෂ පුවරුවක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත කර තිබෙනවා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් එය නිරාවරණය කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කාන්තා දිනය වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් “ඇය වෙනුවෙන් සමතාවය සහ සමානාත්මතාවය” යන්න තේමා කරගනිමින් සැමරුම් වැඩසටහනක්ද ඊයේ (07) පාර්ලිමේන්තුවේ දී පැවැත්වුණා.

WhatsApp Group

Skip to content