කාන්තාවන් සඳහා වූ විශේෂිත කොමිසමක් ඇතුළත් කාන්තා අයිතිවාසිකම් පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කාන්තා දින වැඩසටහනකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

සිංහල, දෙමළ, මුස්ලිම් සියලු කාන්තාවන්ගේ බලාපොරොත්තු ඉටු කිරීමට රජය උපරිම උත්සාහ ගන්නා බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කලේ.
ඉතිහාසයේ පළමු වරටයි කාන්තා අයිතිවාසිකම් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content