කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා නව පනත් 2 ක් මේ වන විට සම්පාදනය කර කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

ඇය මෙම අදහස් දැක්වීම සිදු කළේ අද දින පාර්ලිමේන්තු මන්ත්‍රිනි මංජුලා දිසානයක මහත්මිය ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මෙහිදි ගීතා කුමාරසිංහ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ එක් පනතක් කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ලෙස හදුන්වා දිය හැකි අතර අනෙක් පනත ස්ත්‍රී පුරුෂ සමාජ භාවිතයේ සමානාත්මතාවයේ පනත ලෙස හදුන්වා දිය හැකි බවය

WhatsApp Group

Skip to content