කාන්තාවන් රාත්‍රී සේවාමුර රාජකාරීවල නියැලීම විධිමත් ක්‍රමවේදයකට යටත්ව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා .

ගාල්ල ප්‍රදේශයේ දි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මෙම අදහස් පළ කළා .

අදාළ කම්කරු නීතින් පිළිබදව පනත් කෙටුම් පත තවමත් සකස්කර නොමැති අතර තවමත් අදාළ පාර්ශව වලින් තොරතුරු ලබාගනිමින් පවතින බවයි ඒ මහතා වැඩි දුරටත් කියාසිටියේ .

https://www.vnews.lk/storage/2023/06/MANUSHA-EDIT-.mp3?_=1

 

 

WhatsApp Group

Skip to content