කාන්තාවන්ට සහ ළමුන්ට සිදුවන හිංසන සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම සදහා ස්ථාපිත කළ ක්ෂණික දුරකථන අංකයට පැමිණිලි 1077 ක් වාර්තා වී තිබෙනවා.

ඉන් පැමිණිලි 477 ක විමර්ශන අවසන් කර ඇති අතර පැමිණිලි 42 ක් සදහා නඩු පැවරීමට කටයුතු කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ.

එමෙන්ම පැමිණිලි 8 ක් සමථ මණ්ඩලයට යොමුකර ඇති අතර පැමිණිලි 550කට අදාළව විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරමින් පවතින බව සදහන්.

පොලිස් ස්ථාන වෙත ගොස් පැමිණිලි කිරීමට නොහැකි කාන්තාවන්ට සහ ළමුන්ට ඔවුනගේ රහස්‍යභාවය ආරක්ෂා වන පරිදි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය 109 ක්ෂණික ඇමතුම් අංකය පසුගියදා ස්ථාපිත කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content