කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ නව පොලිස්පතිවරයෙකු පත් කිරීම සම්බන්ධයෙන්.

අදාළ කරුණ සම්බන්ධයෙන් කතෝලික ප්‍රජාවගේ සහ පොදු මහජනතාවගේ අව්‍යාජ අභිලාෂය ප්‍රකාශ කිරීම අරමුණු කර ගනිමින් මෙම ලිපිය යොමු කරන බවයි උන්වහන්සේ දන්වා ඇත්තේ.

සිය ලිපිය මගින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ නව පොලිස්පති ධුරය සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සම්බන්ධයෙන් සලකා බැලීම සහමුලින්ම නතර කර දමන ලෙසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය ද ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සලකා බැලීමේදී පොලිස්පති වැනි ඉහළ තනතුරකට ඔවුන්ගේ නම් යෝජනා කිරීමට හෝ නිපුණතාවයේ මෙන්ම වෘත්තිමය ක්‍රියාකාරී බවේ කැපී පෙනෙන ලකුණු ඔවුන් තුළ නොමැති බවයි උන්වහන්සේ සිය ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content