කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා හමුවී තිබෙනවා .
ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශන පිළිබඳ දැනුවත් කිරීමටයි .
අදාළ ප්‍රහාරයට පසුබිම් වූ සියලු හේතුන් පිළිබඳ ස්වාධීන සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවය පිළිබදවද මෙම හමුවේදී අවධානය යොමු කර තිබෙනවා .
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කර ඇත්තේ .
මේ අතර ආගම් පිලිබදව වර්තමානයේ විවිධ පුද්ගලයින් සිදුකරන ප්‍රකාශ පිලිබදව බුද්ධිමත්ව අවධානය යොමුකල යුතු බව ජාතික කතෝලික සභාවේ ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිශාන්ත පියතුමා පවසනවා .
එම පියතුමන් මේ බව සඳහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් .