ක්ෂේත්‍ර කිහිපයක වෘත්තීය සමිති සේවකයන් අද වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කිහිපයක් ආරම්භ කර තිබෙනවා.

වැටුප් විෂමතා සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි එම සංගමයේ සභාපති හේමචන්ද්‍ර ගුණසිංහ මහතා සඳහන් කළේ.

මේ අතර අද සිට අඛණ්ඩව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව රජයේ මිනින්දෝරු සංගමය පවසනවා.

එමෙන්ම සරසවි අනධ්‍යයන සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අද 40 වන දිනටත් ක්‍රියාත්මකයි.

WhatsApp Group

Skip to content