ග්‍රාමීය මට්ටමේ පවතින ශ්‍රී ලාංකික ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාතික මට්ටමෙන් ජාත්‍යන්තර වෙළඳපළ දක්වා ගෙන යා හැකි ව්‍යාපාර සන්නාම බවට පත්කිරීම සඳහා ”B500” සන්නාම 500ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහනෙහි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පසුගියදා (22) පැවැත්විණි.

මෙම වැඩසටහන යටතේ දිවයිනම ආවරණය වන පරිදි තෝරාගත් ක්ෂුද්‍ර , සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ ආහාර පාන, රූපලාවන්‍ය, තේ, ඇඟලුම්, ඇසුරුම්, බතික්, ලී වැනි නිෂ්පාදන රැසක සන්නාම ප්‍රවර්ධනය කිරීම සඳහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය කටයුතු කරයි.

මෙම වැඩසටහන තුළින් ග්‍රාමීය මට්ටමේ ව්‍යවසායකයින් හට අපනයන වෙළඳපොළ ආකර්ෂණය කරගත හැකි වන අතර සන්නාමකරණය පිළිබදව ව්‍යවසායකයින් දැනුවත් කිරීම, සන්නාම ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම, රජය විසින් ව්‍යවසායකයින්ට ලබා දෙන විවිධ සේවාවන්හිදී ප්‍රමුඛත්වය ලබාදීම, සන්නාමකරණට අදාළ පහසුකම් නොමිලේ සැපයීම, දේශීය හා විදේශීය වෙළඳපොළ අවස්ථා ඇති කිරීම, ව්‍යාපාරික ගැටලු සඳහා මැදිහත්වීම සිදුකරයි.

WhatsApp Group

Skip to content