මෙරට සිටිය යුතු ක්ෂය රෝගීන්ගේ සංඛ්‍යාව 14,000ක් පමණ වුවද, දැනට හඳු­නා­ගෙන ඇති සංඛ්‍යාව 9,000ක් පමණ බව ජාතික ක්ෂය රෝග මර්දන වැඩ­ස­ට­හනේ අධ්‍ය­ක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්ති­ලතා මහ­ත්මිය පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ ඇස්ත­මේ­න්තු­ව­ලට අනුව හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000ක් 5,000ක් පමණ මෙරට සමා­ජය තුළ සිටින බව ද ඇය ප්‍රකාශ කළා.

සෞඛ්‍ය ප්‍රව­ර්ධන කාර්යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­වට සහ­භාගී වෙමින් ඇය මේ බව ඊයේ (13) පැව­සු­වා. මේ මස 24 වැනි­දාට ලෝක ක්ෂය රෝග දිනය යෙදී ඇති අතර, “ඔව් අපට ක්ෂය රෝගය තුරන් කළ හැකී” යන්න මෙවර ලෝක ක්ෂය රෝග දිනයේ තේමා­වයි.

WhatsApp Group

Skip to content