අතුරුගිරියේ ද්විත්ව ඝාතනයට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, පසුගිය ජූලි මස 8 දා අතුරුගිරිය පොලිස් වසමේ දී ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ඝාතනය කර තවත් සිව්දෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

ඒ අනුව ඝාතනවලට අනුබල දුන් සැකකරුව ඊයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේ දී අත්අඩංගුවට ගෙන අතුරුගිරිය පොලීසිය වෙත රැගෙන විත් තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 36ක් වූ දර්ගා නගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

WhatsApp Group

Skip to content