ක්ලබ් වසන්තගේ ඝාතනයට සම්බන්ධ දෙවැනි වෙඩික්කරු සහ මෝටර් රථ රියදුරා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පානදුර පොලීසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින්.

පොනදුර පින්වත්ත ප්‍රදේශයේ දීයි වැටලීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල නාගොඩ සහ අහුංගල්ල ප්‍රදේශ වල පදිංචිව 29 සහ 32 යන වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක්.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලීසිය වෙත භාරදීමට නියමිතයි.

WhatsApp Group

Skip to content