ක්ලබ් වසන්තගේ ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි ප්‍රදේශය හෙළි වෙයි
ක්ලබ් වසන්ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත නමැති ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණ ඇත්තේ දකුණු පළාතේ සිට බව තොරතුරු අනාවරණය වනවා.

එමෙන්ම අදාළ පුද්ගලයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද සැලසුමට විශාල මුදලක් වියදම් කර ඇති බවද වාර්තා වනවා.

කංජිපානි නමැත්තාගේ නියෝගයකින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

මේ අතර වෙඩි වැදී රෝහල්ගත කළ ජනප්‍රිය ගායන ශිල්පිනියක වන කේ සුජීවා හට ද මේ වන විට සැත්කම් 4 ක් සිදු කර ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content