ජාතික ක්‍රීඩා සංගම් සම්මේලනයන් 04ක ලියාපදිංචිය සහ නිලවරණ පැවැත්වීම තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, ශ්‍රී ලංකා රග්බි සම්මේලනය, ශ්‍රී ලංකා මෝටර් රථ සම්මේලනය සහ ශ්‍රී ලංකා නෙට්බෝල් සම්මේලනය යන සම්මේලන හතරේ ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලියාපදිංචිය සහ නිලවරණ පැවැත්වීමෙ අත්හිටුවීමටයි කටයුතු කර ඇත්තේ.
එමෙන්ම ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා නිසි බලධාරියා බවට මෙම ගැසට් නිවේදනය මගින් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content