ක්‍රීඩා අමාත්‍යංශය ලේකම්වරයා අද ජනාධිපති කාර්යාල වෙත කැඳවා තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයේ උද්ගත වී ඇති වත්මන් තත්ත්වය සහ අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් විමසීමට අමාත්‍යංශ ලේකම්වරයා මෙලෙස කැඳවා ඇතැයි වාර්තා වනවා.

මේ අතර කඩිනමින් නැවත වරක් ජයග්‍රහණ ලබා ගැනීමට හැකි තත්ත්වයකට ක්‍රිකට් ක්‍රීඩාව පත්කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසනවා.

ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම පිළිබදව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සදහන් කළා.

 

https://www.vnews.lk/storage/2023/11/ROSHAN-RANSINGHA-EDIT-.mp3?_=1

මේ අතර ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට තමාට ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදෙන බව ක්‍රිකට් අතුරු කමිටුවේ, සභාපති අර්ජුන රණතුංග මහතා පවසනවා.

තමාගේ අවධානය යොමුව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට බවත් පරිපාලනය පිළිබඳ අනෙක් සාමාජිකයින් විසින් කටයුතු කරනු ඇති බවත් ඔහු සදහන් කළා.

අර්ජුන රණතුංග මහතා මේ බව පැවසුවේ නව ක්‍රිකට් අතුරු කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

 

https://www.vnews.lk/storage/2023/11/ARJUNA-RANATHUNGA-EDIT-.mp3?_=2

මේ අතර ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට අදාල ගැසට් නිවේදනය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා  විසින් අද නිකුත් කළා. ඒ, අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි මෙම පත්වීම සිදුකර ඇත්තේ.

එහිදී ටී ටුවෙන්ටි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව විශේෂ වාර්තාවට අනුව ක්‍රිකට් විධායක කමිටුව විසින් සිදුකර ඇතැයි කියනු ලබන දූෂණ, විෂමාචාර, අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බැවින් මෙම කමිටුව පත් කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයක් පවත්වන තෙක් හෝ නැවත දැනුම් දෙන තෙක් අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

ඒ අනුව මෙම නව අතුරු කමිටුව පත් කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාලක මණ්ඩලයේ කටයුතු අත්හිටවනු ඇති.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර නොමැති බව සදහන්.

ඒ අනුව අද  පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී මේ පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි  වාර්තා වන්නේ .

මේ අතර අද දිනයේද ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට ක්‍රීඩා ලෝලීන් පිරිසක් පැමිණ විරෝධතාවයක නිරත වුණා.

 

 

https://www.vnews.lk/storage/2023/11/JANATHA-EDIT-.mp3?_=3

WhatsApp Group

Skip to content