මැඩගස්කරයේ ඇන්ටානාරිවෝ අගනුවර ක්‍රිඩාංගනයක සිදුවු තෙරපීමකින් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එරට අග්‍රාමාත්‍ය ක්‍රිස්ටියන් නට්සේ මහතා පැවසුවේ ඉන්දිය සාගර දුපත් ක්‍රිඩා උළෙලේ සමාරම්භක උත්සවය අතර තුර මෙම තෙරපීම සිදුව ඇති බවයි.

මේ තුළින් තවත් පුද්ගලයින් 80ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

විශාල පිරිසක් ක්‍රිඩාංගනයට ඇතුළුවන ස්ථානයේ රැදී සිටි බවයි වාර්තා වන්නේ.

අදාළ ක්‍රිඩාංගනයේ ධාරිතාව 41000කට ආසන්න වුවද ඊට වැඩි විශාල ප්‍රේක්ෂකයින් ප්‍රමාණයක් ක්‍රිඩාංගනයට පැමිණ තිබෙනවා.

WhatsApp Group

Skip to content