අබුඩාබි T10 ලීග් තරගාවලියේ දී දුෂණ සිදුකළ බවට චෝදනා එල්ලවූ තිදෙනෙක් ට දඬුවම් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගෙන තිබේ.

ඒ 2021 තරගාවලියේ දී සිදුකළ බවට සැක කෙරෙන දූෂණ හේතුවෙනි.

එහිදී වැරදිකරුවන් වී ඇත්තේ පූනේ ඩෙවිල්ස් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු වූ අෂාර් සයිඩි, සහ එම කණ්ඩායමේ හිමිකරුවන් වූ පරාග් සන්ගාවී සහ ක්‍රිෂාන් චවුද්රි යන තිදෙනා ය.

ඔවුන් සිය වැරදි පිළිගත් බව ICC නිවේදනයෙහි දැක්වෙයි.

WhatsApp Group

Skip to content