තේරීම් කාරක සභාවක් පත්කිරීම ක්‍රිකට් අර්බුදයට විසඳුමක් නොවන බව  විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවා .

එහිදී විපක්ෂනායකවරයා කියා සිටියේ ක්‍රිකට් ක්‍රීඩාව  වෙනුවෙන් මන්ත්‍රීවරු නමින් සංසදයක් ස්ථාපිත කර මන්ත්‍රීවරුන් 225ටම ආරාධනා කොට ක්‍රිකට් පිළිබද විමර්ශනයක් සිදු කළ හැකි බවයි .

https://www.vnews.lk/storage/2023/11/SAJITH-PREMADASA-EDIT-01.mp3?_=1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සෙවීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ද පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කලා .

මේ ගැන සෙවීමට විපක්ෂය වගේම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයක් එකඟ බවද ඔහු සඳහන් කලා .

https://www.vnews.lk/storage/2023/11/PRASANNA-EDIT-.mp3?_=2

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින්ම ක්‍රිකට් තරග ජාත්‍යන්තරයට  විකුණා ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළා .

https://www.vnews.lk/storage/2023/11/SAJITH-PREMADASA-EDIT-02-.mp3?_=3

එමෙන්ම කෝප් කමිටු නිලධාරිනියකට සිදුවූ හිංසනය සමබන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවෙදී උණුසුම් තත්වයක් ඇති වුනා. මේ සමිබන්දයෙන් වත්මන් සභාපති සම්බන්ධ බවයි විපක්ෂය චෝදනා කලේ.

https://www.vnews.lk/storage/2023/11/COPE-EDIT-1-1.mp3?_=4

WhatsApp Group

Skip to content