ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහි පෙත්සම සලකා බැලීම සදහා නව විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙනවා.

ඩී.එන්.සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විතව මෙම නව අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර ඇති බව සදහන්.

එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම ලබන 16 වන දා කැඳවීමට නියමිතයි.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය තීරණ ගැනීමේ බලය අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ලබා දී තිබෙනවා.

එමෙන්ම මින් ඉදිරියට අතුරු කමිටුව පත් කරන්නේ නම් ඒ සදහා කැබිනට් අනුමැතිය ලබා ගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ.

WhatsApp Group

Skip to content