ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යැවීමේ කාලය සම්බන්ධයෙන් නව නීතියක් හදුන්වා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සූදානම් වනවා.

ඒ අනුව එක් පන්දු වාරයක් යැවිය යුතු නිශ්චිත කාලයක් පවතින අතර කිසියම් කණ්ඩායමක් අවස්ථා තුනකදී එම කාලය සම්පූර්ණ නොකළහොත් අනෙක් පිලට ලකුණු 5 ක් හිමිවනු ඇති.

එහි මූලික අත්හදා බැලීම් ලබන මාසයේ සිට ලබන වසරේ අප්‍රේල් මාසය දක්වා ක්‍රියාත්මක බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කර සිටියේ.

WhatsApp Group

Skip to content