ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ක්‍රිකට් තේරිම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ සහ එහි සාමාජිකයින් වන රොමේෂ් කලුවිතාරණ, හේමන්ත වික්‍රමරත්න විසින් තමන්ට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් මෙම ලිපිය ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යොමු කර ඇති බව සදහන්.

කෙසේ වෙතත් අද දිනයේද ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරින්ට එරෙහිව ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට පැමිණි ක්‍රීඩා ලෝලීන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා.

https://www.vnews.lk/storage/2023/11/JANATHA-EDIT-1-1.mp3?_=1

මේ අතර ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමට අදාල ගැසට් නිවේදනය ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අද නිකුත් කළා.

ඒ, අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුවයි මෙම පත්වීම සිදුකර ඇත්තේ.

එහිදී ටී ටුවෙන්ටි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආශ්‍රිතව විශේෂ වාර්තාවට අනුව ක්‍රිකට් විධායක කමිටුව විසින් සිදුකර ඇතැයි කියනු ලබන දූෂණ, විෂමාචාර, අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට අවශ්‍ය බැවින් මෙම කමිටුව පත් කර ඇති බවයි එම ගැසට් නිවේදනයේ සදහන් වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණයක් පවත්වන තෙක් හෝ නැවත දැනුම් දෙන තෙක් අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර තිබෙනවා.

ඒ අනුව මෙම නව අතුරු කමිටුව පත් කිරීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාලක මණ්ඩලයේ කටයුතු අත්හිටවනු ඇති.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කර නොමැති බව සදහන්. ඒ අනුව අද පස්වරුවේ පැවැත්වෙන කැබිනට් මණ්ඩල හමුවේදී මේ පිළිබදව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ .

WhatsApp Group

Skip to content