ක්‍රිකට් තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉල්ලීම මත සිදු කළ බව ‘ක්‍රික්ඉන්ෆෝ‘ වෙබ් අඩවිය වාර්තා කර තිබෙනවා. මේ වන විටත් ඉන්දියාවට ගොස් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා මෙම තීරණය ගැනීම සඳහා රැස්වූ ,කමිටු රැස්වීමට සහභාගී කරවාගෙන ඇති බව ද ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

එමෙන්ම ඉදිරියේ දී අහමදාබාද්හි පැවැත්වීමට නියමිත අයිසීසී රැස්වීම සඳහා ද ඔහු සහභාගී වීමට නියමිත බව තවදුරටත් වාර්තා වනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට්ි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි මේ වන විට අත්හිටුවා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, ශ්‍රී ලංකා ක්‍රිකට්හි ක්‍රියාකාරීත්වය, ස්වාධීනත්වය, එහි පරිපාලනය සම්බන්ධයෙන් රජයේ මැදිහත් වීමක් නොමැති බවට තහවුරු විය යුතු බවයි.

මීට අදාළ කරුණු තවදුරටත් සලකා බැලීම ඉදිරියේ දී සිදු කිරීමට අපේක්ෂා කරන බව එම කවුන්සිලය නිකුත් කළ නිවේදනයේ සඳහන් .ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අධ්‍යක්ෂ මණ්ඩලය මාර්ගගත ක්‍රමය ඔස්සේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඉන් අනතුරු ව මෙම තීරණය ගෙන තිබෙනවා.

එම කවුසිලයේ විශේෂ හමුවක් නොවැම්බර් 18-21 කාලයේ දී ඉන්දියාවේ අහමදාබාද්හි දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා .

WhatsApp Group

Skip to content