ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කර ගැනීමට ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා .

මෙරටට පැනවූ ක්‍රිකට් තහනම ඉවත්කරවා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා  ප්‍රමුඛ රජය කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා සදහන් කලේ .

ජාතික ප්‍රශ්නයක් සේ සලකා පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ සියලුම දෙනා එකතුව යෝජනාවක් සම්මත කර ගැනීමට කටයුතු කලේද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණය පිටුදැකීමේ අරමුණින් බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී කියා සිටියා .

WhatsApp Group

Skip to content