තරග පාවා දීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැර තිබෙනවා.

ඒ, අදාළ නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදියි.

සචිත්‍ර සේනානායක පසුගිය 06 වන දා මෙම තරග පාවා දිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අතර පසුගිය 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අනතුරුව නැවතත් එම නඩුව 15 වන දා කැඳවූ අවස්ථාවේදී ඔහුව අද දිනය දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කටයුතු කරනු ලැබුවේ.

2020 වසරේ දී පළමුවරට පැවති ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගයේදී මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වෙනත් පාර්ශවයකගේ අවශ්‍යතාවයට පෙළඹවීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට චෝදනා එල්ල වී තිබෙනවා.

WhatsApp Group

Skip to content