ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය වසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට දූෂණ චෝදනා තුනක් ගොනු කර තිබෙනවා.
ඒ 2021 වසරේ පැවති ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග මුදලට පාවාදීමට අදාළවයි.

නමුත් මෙම තරග පාවාදීම්වලට සම්බන්ධ වන ලෙස ඔහුට එවූ ව්ට්සැප් පණිවිඩ ප්‍රවීන් ජයවික්‍රම විසින් මකා දමා ඇති බව වාර්තා වනවා.

එම යෝජනාවන් පිළිබඳව ඔහු නියමිත කාලයේදී අයි සී සීය දැනුවත් නොකළ බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.

කෙසේවෙතත් අයි සී සීය ගොනු කර ඇති මෙම චෝදනාවලට ප්‍රතිචාර දැක්වීම සඳහා ඔහුට අගෝස්තු මස 6 වැනිදා සිට දින 14ක කාලයක් ලබා දී තිබෙනවා .

මේ වන විට 25 හැවිරිදි දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම ක්‍රීඩා කර ඇති අන්තර්ජාතික තරග සංඛ්‍යාව 15 ක්.

ඔහු අවසන් වරට ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සදහා ශ්‍රී ලංකාව නියෝජනය කර ඇත්තේ 2022 වසරේ ඔස්ට්‍රේලියාව සමග පැවති පන්දුවාර 20 තරගාවලියේ දීයි.

WhatsApp Group

Skip to content