ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ඉදිරිපත් වු පෙත්සම අද දෙවන දිනටත් යළි සලකාබැලීමට නියමිතව තිබෙනවා.

ඊයේ අදාළ පෙත්සම අභියාචනාධිකරණය හමුවේ කැඳවු අතර එහීදි දැනුම් දුන්නේ අදාළ පෙත්සම අද යළි සලකා බැලීමටයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා විසින් මෙම පෙත්සම ගොණුකර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරිමට ක්‍රිඩා අමාත්‍යවරයා ගත් තීරණය අදාළ පෙත්සම මගින් අභියෝගයට ලක්කර තිබෙනවා.

WhatsApp Group

Skip to content