ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් නිවැරදි තීරණයක් ඉදිරියේදී ලබා ගැනීමට නොහැකි වන්නේ නම් අධිකරණ ක්‍රියාමාර්ග වෙත එළඹීමට තීරණය කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.

ඒ අනුව ඉදිරියේදී තමා විසින් පෞද්ගලික නීතිඥවරු මාර්ගයෙන් නීතිමය කටයුතු සිදු කරන බවටයි අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ.

යුක්තිය උදෙසා අභියාචනාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වාම යෑමට තමා අපේක්ෂා කරන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

https://www.vnews.lk/storage/2023/11/ROSHAN-RANASINGHA-EDIT-1.mp3?_=1

මේ අතර අද දින විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා විසින් විශේෂ අනාවරණයක් ද සිදු කළා.

එහිදි ඔහු සදහන් කර සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයෙකු හා එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමකට ලක් කිරීමට පිරිසක් විසින් කටයුතු කරමින් සිටින බවයි.

https://www.vnews.lk/storage/2023/11/SAJITH-EDIT-3.mp3?_=2

මේ අතර ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ඊයේ දින විවාදයට ජාතික ජනබලවේගය එක් නොවීම කණගාටුවට කරුණක් බවයි.

https://www.vnews.lk/storage/2023/11/PRASANNA-RANATHUNGA-EDIT-1.mp3?_=3

මේ ඒ සදහා පිළිතුරු ලබාදුන් ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා.

https://www.vnews.lk/storage/2023/11/ANURA-EDIT.mp3?_=4

WhatsApp Group

Skip to content