ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීමට පත් කල අතුරු කමිටුවට එරෙහිව ගොනු කල පෙත්සම අද යලිත් වරක් අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතයි .

මෙම පෙත්සම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිලවා විසින් ගොනු කරනු ලැබුවා .

අදාළ පෙත්සම ඊයේ දිනයේදී අභියාචනාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී තීරණය කලේ එය නැවත සලකා බැලීම අද දිනය දක්වා කල් තැබීමටයි .

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහා අතුරු පාලක කමිටුවක් පත් කිරීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පසුගියදා ගැසට් නිවේදනයක් නිකුත් කළා .

අනතුරුව එම ගැසට් නිවේදනය බල රහිත කරන ලෙස ඉල්ලමින් ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා විසින් අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

කෙසේ වෙතත් අදාළ නඩුව ඊයේ දිනයේදී කල් තබනු ලැබුවේ පස්වෙනි දිනටයි .

 

WhatsApp Group

Skip to content