ශ්‍රී ලංකා ක්‍රිකට් අක්‍රමිකතාවන් පිළිබඳ විමර්ශනය සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී එකඟතාවය පළ වී තිබෙනවා.

ඒ අනුව පක්ෂ විපක්ෂ සම සභාපතීත්වයක් යටතේ සහ සම කාරක සභා සාමාජික සංඛ්‍යාවක් යටතේ මෙම කාරක සභාව ස්ථාපිත කිරීම සඳහා මෙහිදී එකඟතාව පළවූ බවයි පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානී රෝහණදීර මහත්මිය සදහන් කළේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු අනෙකුත් ආයතක සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු රැස්වීම් ඉදිරියට පැවැත්වීමට මෙහිදී එකඟත්වය පළව තිබෙනවා.

ඒ අනුව කාරක සභාවේ සභාපතීත්වය සම්බන්ධයෙන් පියවර ගන්නේ නම් එය කාරක සභා සාමාජිකයන්ගේ තීරණය පරිදි සිදු විය යුතු බවට ද මෙහිදී සාකච්ඡා වූ බවයි පාර්ලිමේන්තු මහලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content