කළුතර 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් සිව්දෙනා අද (15) දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා

එම අවස්තාවේදී පිරිසක් විරෝධතා පුවරු අතැතිව ගාලුපාරේ මීටර් 50 ක් පමණ දුරකට පෙළගැසී නිහඩ විරෝධතාවක නියැළුණු බවයි වාර්තා වන්නේ.

විරෝධතාකරුවන් අත “මියගිය දැරියට සාධාරණය ඉටුකරනු, පොලිසිය විමර්ශන නිසියාකාරව සිදුකරනු, ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු යනුවෙන් සටහන් කෙරුනු විරෝධතා පුවරුද වූ බවයි වී නිව්ස් වාර්තාකරු පවසන්නේ.

විරෝධතාවය පැවැති අවස්ථාවේදී කළුතර නගරගයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා.

දැරිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළල හෝටලයේ හිමිකරුගේ බිරිඳ හා ප්‍රධාන සැකකරුගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා මෙලෙස අධිකරණයට රැගෙන ආවා.

WhatsApp Group

Skip to content