කහ උණ රෝගය සඳහා ලබා දෙන ප්‍රතිශක්තිකරණ එන්නත් රට තුළ නොමැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

අප්‍රිකානු කලාපයේ රැකියා සඳහා පිටත්ව යන පුද්ගලයින්ට මෙම ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදෙනු ලබනවා.

කෙසේ වෙතත් ඒ සඳහා ගිවිසුම්ගත වූ සමාගම නිසි පරිදි එන්නත් ලබා නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා සදහන් කළේ.

මේ අතර වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සංවිධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

 

https://www.vnews.lk/storage/2023/08/CHAMAL-SANJEEWA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content