අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය කියා සිටියේ බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කහතුඩුව හන්දිය අසලදී  සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 46ක් පමණ වන කහතුඩුව, පොල්ගස්ඔ්විට ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය පවසන්නේ.

කහතුඩුව සහ මොරගහහේන යන පොලිස් වසම්වල රාත්‍රී කාලයේ නිවෙස් හා වෙළෙඳ සැල් බිඳ මුදල් ඇතුළු දේපල සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගත් තොරතුරු මත සැකකරු විසින් සොරකම් කරන ලද ජංගම දුරකථන දෙකක් හා තවත් දේපල කිහිපයක් සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය මගින් සිදු කරනු ලබනවා.

 

 

WhatsApp Group

Skip to content