කහටගස්දිගිලිය නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ මුදල් සහ බැංකු කාඩ්පත් , රියදුරු බලපත්‍ර, ජාතික හැදුනුම්පත් තිබූ බෑගයක් කහටගස්දිගිලිය පොලීස් ස්ථානයේ රාත්‍රී මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන් වරයකු විසින් අහුලා එම ව්‍යාපාරිකයාට බාරදීමේ පුවතක් අපට වාර්තා වුුුනා.

මෙම ව්‍යාපාරිකයා රාත්‍රී අටට පමණ තම වෙළෙඳසල වසා දමා වෙළඳසැලේතිබූ මුදල් සහ තමා දිනපතා ගනුදෙණු කරන බැංකු කාඩ් බැංකු පොත් ඇතුළු අත්‍යවශ්‍ය ලිපි ද්‍රව්‍ය බහාලන බැගයද රැගෙන තම කැබ් රථයට දමා නිවසට පැමිණ ඇත.කෙසේ හෝ එම බෑගය කැබ්‍ රථය නවතා තිබූ ස්ථානයේ වැටී ඇති අතර රාත්‍රී එකට පමණ ඔහුට කහටගස්දිගිලිය පොලිසියෙන් ලද දුරකථන ඇමතුමක් මත ඔහු තම මුදල් බැගය පරික්ෂා කිරීමේදී ඒ කැබ් රථය තුළ නොතිබීම හේතුවෙන් එය තමාගේ බව තහවුරු කරගෙන ඇත.

මෙම මුදල් පසුම්බිය අහුලාගත් කහටගස්දිගිලිය පොලිස් ස්ථානයේ සේවයකරන පොලිස් සැරයන් අයි.එෆ් අමීර් 47811 නිලධාරීයා විසින් එම මුදල් පසුම්බිය කහටගස්දිගිලිය පොලිස් ස්ථානාධිපති ප්‍රධානපොලිස් පරීක්ෂක ඊ.එස් අබේසේකර මහතාට බාරදී ඇති අතර එම අවස්තාවේ එම මුදල් බහාලනයේ රුපියල් 50000ක් සහ බැංකු කාඩ්, බැංකු පොත්, ජාතික හැදුනුම්පත්, රියැදුරු බලපත්‍ර තිබි ඇත.

ඉන් අනතුරුව මෙහි හිමිකරු වූ කහටගස්දිගිලිය නගරයේ සීතා ශොපින්කම්ප්ලෙක්ස් හි අධිපති බන්දුල කරුණාරත්න මහතාට මෙම මුදල් බහාලනය අහුලාගත් සැරයන් වරයා අතින් ලබාදීමට කටයුතු කෙරුනා.

WhatsApp Group

Skip to content